සබඳ

මගේ මතකයන් හා තනිවන්නට, ඔබේ මතකයන් මෙහි තබා යන්න

Saturday, May 5, 2012

මට කියන්න

මම
හෙලි නොකල සිතුවිලි
නොකියූ ජීවන සුවඳ සුසුම්
ලියා තැබුවෙමි නොදන්නා අවකාශයෙහි

නමක් නැතිමුත්
නිමක් නැති රෑ අහසෙහි
දිලිසෙන සෑම තරුවකටම 
ඉඩක් ඇත නිදහසේ දිදුලන්නට
ලබන තෙක් නම් ගොත්
කුතුහලය පිරි 
එකම එක
නෙත් යුගලකට 
හසුව


නමක් නැති
එකම තරුව
මම 
නොවෙමි

No comments:

Post a Comment